ලස්සන වීඩියෝවක් පහළින් 👇👇
රැල්ලට අවනත වීම.....එය ඔබ මාවතක් දිගේ යන්නාක් වැනිය. සමහර අවස්ථා වල බාධා ඇතිවිය හැකිය. කෙලෙස් සිත් ඇති වන හැම විටම නිරායාසයෙන් පැමිණි ඒවා නිරායාසයෙන්ම පහවී යාමට සලස්වන්න. දැනට ඔබ පසු කර ඇති බාධා ගැන නොසිතන්න. දැන් පවත්නා මොහොතේම ජිවත් වන්න. ගමනේ දුර ගැන හෝ ඔබේ ගමනාන්තය ගැන හෝ නොසිතන්න. සියල්ල වෙනස් වන සුළුය. ඔබ පසු කරන කිසිවකට නොඇලෙන්න. අවසානයේදී මනස ස්වභාවික සමතුළිත තාවයට පත් වෙයි. එවිට ඔබ ඇස් පියාගෙන එක් තැනක වඩි වී සිටියත්, මහා නගරයක් මධ්‍යයේ ඇවිදිමින් සිටියත්, ඔබේ මනස නිසන්සලය...
කැලේ ගසක් - අචාන් චා හිමි
දිනක් එක් මහළු පුද්ගලයෙක් හදිසියේම ඉතා වේගයෙන් ගලා යන ගගකට වැටුණි. ගග වේගයෙන් දිය ඇල්ලක් ලෙසින් පහළට වැටේ. ඔහුගේ ජීවිතය කෙරෙහි බිය වී ඒ දෙස බලා හුන් අය සිටිනවනම් වික්ෂිප්තව සිටියහ. එහෙත් හැමෝම පුදුමයට පත් කරමින් දිය ඇල්ලෙන් පහළට වැටුණු මහළු පුද්ගලයා නිරුපද්දිතව ගොඩට ආවේය. රැස්ව සිටි පිරිස ඔහුගෙන් බේරුණේ කෙසේ දැයි ඇසු විට, ඔහු මෙසේ කීවාය.
"මා ජලයට අනුව මාවම හැඩ ගසා ගත්තා. මට අවශ්‍ය ආකාරයට ජලය හදා ගැනීමට නොගියෙමි. වැඩිය හිතන්නේ නැතුව මම වතුරේ හැඩයම ගත්තා. දිය සුළියේ ගිලිලා එත් එක්කම උඩට අවා. එච්චරයි. එහෙමෙ තමයි මම බේරුනේ...
අදහසට අනුව වීඩියෝව අදාල නොවේ 👆👆👇👇
lakshanomax1.blogspot.com

No comments:
Post a Comment