Saturday, October 14, 2017

           සුන්දර ගමක අසුන්දර මතක සටහන් පිළිබද                   කෙරෙන ගවේෂණාත්මක වැඩසටහන                                               පළමු කොටස වීඩියෝව පහළින් ↓↓ 



2017.05.25 දින ගමේ මිනිස්සු වෙනදා වගේම තමන්ගේ සුපුරුදු වැඩ වල යෙදී සිටියහ. නමුත් එම දින වැසි  අදික දවසක්  නිසාවෙන් මිනිසුන් ගංවතුර පිළිබද සැකයෙන් දවස පහන් කිරීමට සුදානම් ව්වා ය. නමුත් වෙනදට වඩා දවසේ කාලගුණික වෙනස් කමක් මා මෙන්ම අන් අයද දුටුවාය. ඒ මක්නිසාද? නොව පෙර ගංවතුරේ අසුන්දර මතක සටහන් ගමේ මිනිස්සුන්ට එදින තදින් දැනුන නිසාය. එදින පස්වරු 3.00 වීමටත් පෙර බටුවන්ගල ගමේ ඇළ, දොළ සහ ගග මේ සමග පිටාර මට්ටමට පැමිණියේය.ගමේ මිනිස්සුන්ගේ කලබලකාරී බව සහ බිය එන්න එන්නම වැඩි ව්වා ය. 

"ගිය සැරේ ගංවතුරෙන් කරපු හරිය මදි දැයි"  එක් අයෙක් කීවාය. සමහර මිනිසුන් වැඩ පවා අත්හැර දමා ගංවතුර බැලීමට පැමිණියේය. බලන් සිටි මිනිසුන්ගේ හද සසල කරමින් පළමු පියවර ලෙස පාළම පසු කරමින් පාරට වතුර දැම්මේය. මේ සමග විසකුරු සත්වයෝද සැරිසරන්නට පටන් ගත්තේය. සමහර මිනිසුන් දුක් වෙද්දී තවත් සමහරක් අය සතුටු වෙද්දී වතුර ටිකෙන් ටික වැඩිවෙන්නට පටන් ගත්තේය සමහරක් අය වතුර වැඩිවීම ගනන් නොගත්තේය, වතුර ටිකෙන් ටික අඩි 3 ක් දක්වා වැඩි වීමට පටන් ගත්තේය, ටිකෙන් ටික බටුවන්ගල හන්දිය දක්වා වැඩි ව්වා ය. පොදි බැදගත් සියලු දැ ගංවතුරින් යට උනාය...වතුර අඩියෙන් අඩිය වැඩිවෙමින් පවතී...


























                                                                                                      LAKSHANO MAX








No comments:

Post a Comment

lit by Subscription Notification We have noticed that there is an issue with your subscription billing details. Please update your billi...