සිංහල ජනයා
සිංහල යන්නේ වෙනත් භාවිත බලන්න
සිංහල ජාතිය ලොව වෙසෙන පෞරාණිකම ජාතීන් අතරින් එකකකි. 1815 මාර්තු 2 දක්වා සිංහලේ හෙවත් සිංහල රාජධානිය නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය සිංහල වන අතර ඔවුන්ගේ මවු බස සිංහල භාෂාව වෙයි.සිංහලයින් යනු තමන්ටම ආවේනික වූ බසක්, අක්ෂර ක්‍රමවේදයක්, ඉලක්කම් ක්‍රමවේදයක් පැවති ලොව ජාතින් අතලොස්සෙන් එකකි. සිංහලයින් නිතරම දමිළ, රාමඤඤක සහ ජාවක මිනිසුන්ගෙන් වෙන් කොට දක්වා ඇත.[12] ශ්‍රී ලංකාවේ සිංහලයින් මිලියන 15 කට වඩා වෙසෙන අතර, 320,000[lakshanomax1.blogspot.com] පමණ වෙනත් රටවල වෙසෙයි.
සිංහල යනු තවත් ජන වර්ගයක් නොව ඒ මේරටේ ජාතියේ ප්‍රකාශනයයි. ආගම් හා ජනවර්ග, ප්‍රාෙද්ශීය බේද එම මහා සංකෘතියේ උප සංස්කෘතීන්ය.
ඉන්දියන් සාගරය මධ්‍යයෙහි ලෝක වෙළැඳ මාර්ගවල සන්ධිස්ථානයක් ලෙස පැවැතීම නිසා, ශ්‍රී ලංකාව අවිකල්පයෙන්ම සිංහල සහ දමිළ ජාතීන්ට අමතරව කුඩා ප්‍රමාණයේ අරාබියානු, චීන සහ බර්ගර් (ලන්දේසි මිශ්‍ර) ප්‍රජාවන්ට සෙවණ සපයයි.
මෙම ජනවාර්ගික සම්මිශ්‍රණයහි ප්‍රතිඵලයක් ලෙස නූතන රාජ්‍ය භාෂාවම දැක්විය හැක්කේ, වර්තමාන සිංහල බසෙහි වාග්මාලාවට මුසු වී බොහෝ නිපන් නොවනා ප්‍රැතුග්‍රීසි සහ බ්‍රිතාන්‍ය වදන් එකතුවී ඇතිබව පෙන්වා දීමෙනි.
සිංහල අක්ෂර භාවිත කරමින් ඉලක්කම් ලිවීමේ ක්‍රමයක් පැරණි සිංහලයන් විසින් භාවිත කර ඇත.මේවා ලිත් ඉලක්කම් යනුවෙන් හදුන්වයි.එයට හේතුව මෙම ඉලක්කම් ප්‍රධාන වශයෙන් ජෝතිෂ්‍ය කටයුතු සහදා යොදාගත් බැවිනි.
මෙම අක්ෂර ක්‍රමයේ දී ඕනෑම සංඛ්‍යාවක් හල් කිරීමේ දී එය දහයෙන් වැඩිවේ.උදාහරණ ලෙස න්=20 නා්=30 ජ්=40 ද්=50 වශයෙනි.
තවද කටපය සංඛ්‍යා නම්වූ සංඛාක්ෂර ක්‍රමයක්ද ඇක.
කාදි ටාදි යකාරාදී නවසංඛ්‍යා ප්‍රකීර්තා
පදයං පංව සඛ්‍යො ශුන්‍යාශ්ඡරඤනා ඉති
යන ඉහත ශ්ලෝකයෙන් ඒබව දැක්වේ.
සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයි.
සිංහල කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.
මේ ආකාරයට කුල පදනම සිංහල සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය.
මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි
අතීතයේසිං හලයන් ගේ ඇදුම් භාවිතයද කුල ක්‍රමය මත ගොඩ නැගී තිබිණ 17 වන සියවසයේ දී ලංකාවට පැමින දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස සිට වසර 19 ක ඇවෑමෙන් නිදහස ලැබූ රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් රචිත ශ්‍රී ලංකාවේ එෙතිහාසික විස්තරය හෙවත් එදා හෙළදිව ග්‍රන්තයේ සදහන් වන ආකාරයට කුලීනයන් හා කුලහීනයන් භාවිත කළ ඇදුම් ආයිත්තම් වල පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි වංශවතුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇද ඇති අතර ස්ත්‍රීන් ද දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වසෙන සේ හැද එයම කරකවා ලපැත්ත වැසෙන සේ පටක් සේ කරේලා ගත්හ හීන කුලික ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් ඇද උඩුකය නග්නව තබාගත්හ(නොක්ස් රොබට් 1997එදා හෙළදිව)
මහනුවර යුගයේ කුල ක්‍රමය ගැන අදහස් දක්වූ රැල්ෆ පීරිස් විසින් රචිත සිංහල සමාජ සංවිධානය කෘතිය තුලද කුල ක්‍රමය පදකම් කරගෙන ඇදුම් ආයිත්තම් නිර්මාණය වූ අයුරු පහදයි මේ අනුව රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. එහෙත් ඔසරියේ ඉන වටා අදින රෙද්ද මූට්ටු නොකරන ලද්දක් විය යුතුය. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස් රැල්ෆ, 1964:189/193/197.සිංහල සමාජ සංවිධානය)
බොනිස්ලෝ මැලිනොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංගලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි.
පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.
ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තරයේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී.
"මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති."
පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබුණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම යි.මෙම විවාහ ක්‍රමයදෙී පවුලේ වැඩි මහල් සහෝදරයා විසින් විවාහ කරගන්නා ලද බිරිද එම පවුලේ බාල සහෝදරයන්ටද තම බිරිද ලෙස පිලී ගැනීමට සිදුවේ මෙහි දී ඇති චාරිත්‍රය වන්නේ වැඩිමහල් සහොදරයාගේ සිට සහොදරයන් හත් දෙනකෙු දක්වා පමණක් තම වැඩිමල් සහෝදරයා සතු බිරිද තමාගෙ ද බිරිද ලෙස සැලකීමට හැකි වීහ හා පවුල තුල තවත් සාමාජිකයන් සිටීනම් එම අටවන සාමාජිකයාට වෙනත් බිරිදක් ආවාහ කරගැනීමට සිදුවේ එසේම අට වන පිරිමි දරුවාට බාල සොහොයුරන් සිටී නම් ඔවුන්ටද පෙර ලෙසම වැඩිමල් සොයුරාගේ(පවුලේ අටවන දරුවාගේ) බිරිද තමාගේද බිරිද ලෙස අසුරු කිරීමට සිදුවේ අතීතයේදි මෙවන් විවාහයකට ඇතුලත් වීමට සුදුසුකම් ලබන ස්ත්‍රිය වාසනාවන්තියක් ලෙස සැලකීය ඇයට සමාජයෙන් නොමද ගෞරවයට පාත්‍රවිය මෙහිදී එකගෙයි කෑමේ චාරිත්‍රය තුල තිබූ එක් චාරිත්‍රයක් ලෙස එක් සහෝදරයෙකු මිසින් බිරිද හා ලිංගික සබදතා පවත්වන විට අමුඩ ලේන්සුව අනෙක් අයට පෙනෙන සේ උළුවස්සේ තබා යෑම සිදු කෙරිණි සැමවිටම ලිංගික ඇසුර වරෙකට එක් පුරුෂයෙකුට පමණක් සීමාවිය මෙම විවාහයේදී පුරුෂයන් සියල්ල එකම පවුලේ වීමද අනිවාර්‍යවිය ඇතැම් අවස්තාවල ස්ත්‍රීන් කිහිප දෙනකු සිටි පවුලකට එක් පුරුෂයෙකු අවාහ කර ගැනීමක්ද සිදුවී ඇත මෙහිදීද එකම පවුලේ සොයුරියන් වීම අනිවාර්‍ය විය එහෙත් මෙම ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමය මෙන් සුලබ නොවීය
මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර ඔවුන් පිරිසිදු සිංහල (ජනවර්ගය) බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගෙනුම අරඔන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙති. පුහුණුවීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ.
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.
පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැඳින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැඳින්වුණි. මෙම නාමය අග්‍රගණ්‍ය වික්‍රමාන්විත රණශූරයෙකු හැඳින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස් තනතුරක් වෙයි.
අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ.
මෙවැනි බොහෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පොත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. සිංහලයන් ගේ ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී
දකුණු ඉන්දියානු ආහාරවලට වඩා සිංහල ආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී. එලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී සිංහලයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නො මසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට සිංහලයන්ට හැකියාව තිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදා ගනිති.
| මුළු ජනගහනය | ||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| මිලියන 15 ට වඩා වැඩි | ||||||||||||||||||||||||||
| සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | ||||||||||||||||||||||||||
(2012)[1] | ||||||||||||||||||||||||||
| ~100,000 (2010)[2] | ||||||||||||||||||||||||||
| 50,000 ට වඩා වැඩි[3] | ||||||||||||||||||||||||||
| 68,738 (2008)[4] | ||||||||||||||||||||||||||
| 19,830 (2006)[5] | ||||||||||||||||||||||||||
| 40,000 (2010)[6] | ||||||||||||||||||||||||||
| 12,000 (1993)[7] | ||||||||||||||||||||||||||
| 10,000 (2009)[8] | ||||||||||||||||||||||||||
| 7,257 (2006)[9] | ||||||||||||||||||||||||||
| අවම ලෙස 3,500[10][11] | ||||||||||||||||||||||||||
| භාෂා | ||||||||||||||||||||||||||
| සිංහල, ඉංග්‍රීසි, දෙමළ | ||||||||||||||||||||||||||
| ආගම | ||||||||||||||||||||||||||
| ප්‍රධාන ලෙස | ||||||||||||||||||||||||||
| ආශ්‍රිත මිනිස් ජාතීන් | ||||||||||||||||||||||||||
| ශ්‍රී ලාංකික ජනයා, ඉන්දු-ආර්ය ඡනයා, බෙංගාලි ජනයා, වැද්දන්, දෙමළ ජනයා | ||||||||||||||||||||||||||
සිංහල යනු තවත් ජන වර්ගයක් නොව ඒ මේරටේ ජාතියේ ප්‍රකාශනයයි. ආගම් හා ජනවර්ග, ප්‍රාෙද්ශීය බේද එම මහා සංකෘතියේ උප සංස්කෘතීන්ය.
පටුන
[සඟවන්නlakshanomax1.blogspot.com]- 1 ඉතිහාසය
- 2 ජානමය සහ මානවවිද්‍යාත්මක ඇගයුම
- 3 භූගෝලීය පැතිරුම
- 4 ආගම
- 5 භාෂාව
- 5.1 සිංහල ඉලක්කම්
- 5.2 අක්ෂර මාලාව
- 6 සිංහල සංස්කෘතිය
- 6.1 සිංහල අලුත් අවුරුද්ද
- 6.1.1 නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්
- 6.2 ගම්මඩුව ශාන්තිකර්මය
- 6.3 සිංහල සමාජයේ කුල
- 6.4 සිංහල විවාහය
- 6.5 දීග විවාහ
- 6.6 බින්න විවාහ
- 6.7 එකගෙයි කෑම
- 6.1 සිංහල අලුත් අවුරුද්ද
- 7 සිංහල සටන් ක්‍රම
- 7.1 අංගම්පොර
- 7.1.1 මූලාරම්භය
- 7.1.2 මූලික අංග
- 7.1.3 ආයුධ
- 7.1.4 වර්තමාන තත්ත්වය
- 7.2 සිංහල ඇදුම්
- 7.1 අංගම්පොර
- 8 සිංහල ආහාර වර්ග
- 8.1 කුළුබඩු
- 8.2 රසකැවිලි
- 9 සිංහල වෛද්‍යවේදය
- 10 සිංහල අධ්‍යාපනය
- 11 සිංහල කලාව
- 12 සිංහල ගෘහනිර්මාණ
- 13 සිංහල සාහිත්‍ය
- 14 නූතන සිංහලයන්
- 15 ආශ්‍රිත ලිපි
- 16 මූලාශ්‍ර
- 17 අන්තර්ජාල මූලාශ්‍ර
ඉතිහාසය[lakshanomax1.blogspot.com]
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජීවත්වූ යක්‍ෂ,දේව (අසුර), රාක්‍ෂ ,සහ නාග සිව් හෙළ ගෝත්‍රකයන්ගේ සමිශ්‍රණයෙන් මෙම ජාතිය බිහිවී ඇති බවට සාධක ඇත. යක්ෂ නාග දේව සහ රාක්ෂ යනු හෙළ අසුර පරපුරයි. මෙම ගෝත්‍ර හතර සිවු හෙළය විය පසුව එය සිංහලය බවට පත්වී ඇත.පණ්ඩුකාභය රජ දවස සිංහල ජාතිය පිලිබඳ සංකල්පය දියුණුවී තහවුරු වූ බවට විශ්වාස කෙරේ. දුටු ගැමුණු රජ දවස ශක්තිමත් ජාතියක් බවට පත්විය. ක්‍රි.ව. 5වන ශතවර්යේදී පාලියෙන් ලියැවුනු මහාවංශය සහ ක්‍රි.ව. 13වන ශතවර්යේදී ධම්මකිත්ති තෙරණුවන් ග්‍රන්තාරූඩ කල චූලවංශය අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි වල ඉතිහාසයට ලිඛිත සාක්ෂි දරයි. අශෝක අධිරාජයා ඔහුගේ පුත් මිහිඳු තෙරණුවන් හරහා ක්‍රි.පූ. 4වන ශතවර්යේදී ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදුන්නේය. සිංහල ජනයා සහ වැදි ජනයා අතර සුළු වෙනස්කම් ඇති නමුත් වසර 2500ක් තුලදී වුනු මිශ්‍ර වීම් නිසා සිංහල ජනයා අතර වෙනස්කම් ඇත්තේ අල්ප මාත්‍ර තරමින්ය. මීට වසර 5500ක් 6000ක් අතර කාලය තුළ ,ශ්‍රී ලංකාව නමින් වර්තමානයේ හඳුන්වන එ කල සිංහල හෙවත් හෙළ භූමියේ ජීවත් වූ දියුණු ශිෂ්ටාචාරයක පුරාවිද්‍යා සාක්ෂි හමුවී තිබේ.[උපුටාදැක්වීම අවශ්‍යයි]ජනප්‍රවාද හා ජනශ්‍රැතින්ට අනුව එම යුගය හැඳින්වූයේ "මහාරාවණ" යුගය ලෙස ය.[උපුටාදැක්වීම අවශ්‍යයි] එනයින් යක්ෂ,රාක්ෂ,නාග,දේව යන නම්වලින් හැඳින්වූයේ ගෝත්‍රික කණ්ඩායම් නො ව "කුලය" ලෙස අද අප ව්‍යවහර කරන සංකල්පයකට සමාන වූ කුල නාමයන් බව තහවුරු වේ.ජානමය සහ මානවවිද්‍යාත්මක ඇගයුම[lakshanomax1.blogspot.com]
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන උපක්‍රමය වූ 'බෙදා පාලනය'ට අනුව හා ප්‍රසිද්ධ මතයට අනුව ඇති අදහස කෙසේ වුවත්, සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම 'ඉන්දු-ආර්ය' යන භාෂාමය කොට්ඨාසයට හෝ ජන ප්‍රභවයට අයත් නොවේ. බහුතර සිංහලයා, බහුතර ඉන්දියානුවන් මෙන් මීට වසර අනුමාන වශයෙන් 12,000 කට පමණ පෙර දිවයිනෙහි වාසය කළාවූ යම්කිසි ආදිජන කොට්ඨාසයකින් ජානානුරුපව පැවැත එන්නෙකු වන අතර, එම ආවේණික ජාන ලක්ෂණ පසුකාලීන ඉන්දු-ආර්ය සහ වෙනත් විදේශ ආක්‍රමණවලින් ද සැලකිය යුතු වෙනසකට බඳුන් වී නොමැත. 2003 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහිදී දකුණු ආසියානු ජනගහණයන්ගේ මූලාරම්භය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතභූගෝලීය පැතිරුම[lakshanomax1.blogspot.com]
සිංහලයන් බහුතරය ශ්‍රී ලංකාවේ වාසය කරයි .තවද සැලකිය යුතු ජනගහනයක් එක්සත් රාජධානියේ,එක්සත් ජනපදයේ,මැද පෙරදිග සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරයි.ඉන්දියන් සාගරය මධ්‍යයෙහි ලෝක වෙළැඳ මාර්ගවල සන්ධිස්ථානයක් ලෙස පැවැතීම නිසා, ශ්‍රී ලංකාව අවිකල්පයෙන්ම සිංහල සහ දමිළ ජාතීන්ට අමතරව කුඩා ප්‍රමාණයේ අරාබියානු, චීන සහ බර්ගර් (ලන්දේසි මිශ්‍ර) ප්‍රජාවන්ට සෙවණ සපයයි.
මෙම ජනවාර්ගික සම්මිශ්‍රණයහි ප්‍රතිඵලයක් ලෙස නූතන රාජ්‍ය භාෂාවම දැක්විය හැක්කේ, වර්තමාන සිංහල බසෙහි වාග්මාලාවට මුසු වී බොහෝ නිපන් නොවනා ප්‍රැතුග්‍රීසි සහ බ්‍රිතාන්‍ය වදන් එකතුවී ඇතිබව පෙන්වා දීමෙනි.
ආගම[lakshanomax1.blogspot.com]
මහින්දාගමනයට| පෙර සිංහලයන් අතර සිංහල දේවගම විවිධ ස්වරූප වලින් පැවතිනි. මහින්දාගමනය සමග බුද්ධ සිංහල (විශේෂයෙන් රජරට ) ජනයා අතර පැතිර යාම ආරම්භ විය. ක්‍රි.ව. 16 වන සියවසට පෙර සියළුම සිංහලයන් බුද්ධාගම, සිංහල දේවගම හෝ එම අගම් දෙකටම අයත් විය. ක්‍රි.ව. 16 සහ 20 සියවස් අතර බටහිර ආක්‍රමණිකයෝ සිංහලයන් අතර බටහිර ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරය සිදුකලහ. වර්තමානයේ නිල වශයෙන් සිංහලයන්ගේ ප්‍රධාන ආගම ථේරවාද බුද්ධාගම ( 95% ) වේ. එනමුත් ඔවුන් බහුතරය සිංහල දේවගම සමාන්තරව සුලබව දක්නට ඇත.සමහරක් අතර හින්දු දෙවියන් පිළිබද විශ්වාසයද පවතී. [1] රෝමාණු කතෝලික ආගමද සිංහලයන් සමහරක් අදහති.( 5% )භාෂාව[සංස්කරණයlakshanomax1.blogspot.com]
සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.සිංහල ඉලක්කම්[සංස්කරණයlakshanomax1.blogspot.com]
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇතසිංහල අක්ෂර භාවිත කරමින් ඉලක්කම් ලිවීමේ ක්‍රමයක් පැරණි සිංහලයන් විසින් භාවිත කර ඇත.මේවා ලිත් ඉලක්කම් යනුවෙන් හදුන්වයි.එයට හේතුව මෙම ඉලක්කම් ප්‍රධාන වශයෙන් ජෝතිෂ්‍ය කටයුතු සහදා යොදාගත් බැවිනි.
| ඉලක්කම | අක්ෂරය | අක්ෂර නාමය |
|---|---|---|
| 1 | ේ | කොම්බුව |
| 2 | න | නයන්න |
| 3 | නා | නායන්න |
| 4 | ජ | ජයන්න |
| 5 | ද | දයන්න |
| 6 | ැ | ඇක්ම |
| 7 | උ | උයන්න |
| 8 | ර | රයන්න |
| 9 | නි | නියන්න |
| 10 | ේ | හල්කොම්බුව |
මෙම අක්ෂර ක්‍රමයේ දී ඕනෑම සංඛ්‍යාවක් හල් කිරීමේ දී එය දහයෙන් වැඩිවේ.උදාහරණ ලෙස න්=20 නා්=30 ජ්=40 ද්=50 වශයෙනි.
තවද කටපය සංඛ්‍යා නම්වූ සංඛාක්ෂර ක්‍රමයක්ද ඇක.
කාදි ටාදි යකාරාදී නවසංඛ්‍යා ප්‍රකීර්තා
පදයං පංව සඛ්‍යො ශුන්‍යාශ්ඡරඤනා ඉති
යන ඉහත ශ්ලෝකයෙන් ඒබව දැක්වේ.
- 1=ක.ට.ප.ය
- 2=ඛ.ඨ.ඵ.ර
- 3=ග.ඩ.බ.ල
- 4=ඝ.ඪ.භ.ව
- 5=ඞ.ණ.ම.ශ
- 6=ච.ත.ස
- 7=ඡ.ථ.ෂ
- 8=ජ.ද.හ
- 9=ඣ.ධ.ළ
- 0=ඤ.න
අක්ෂර මාලාව[සංස්කරණයlakshanomax1.blogspot.com]
ව්යාරකරණ යන පදය සංස්කෘත පදයකි. මෙහි සරළ අදහස වන්නේ නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම හෝ විස්තර කිරීම යන්නයි. ඒ අනුව සිංහල භාෂාවේ ව්යාමකරණය යනු සිංහල බසෙහි ස්වරූපය නිරාකරණය කිරීම, පැහැදිලි කිරීම යන්නයි. සිංහල භාෂාවේ ව්යායකරණ පිළිබද අදට ගරු කරන ග්‍රන්ථය වන්නේ සිදත් ස`ගරාවයි. 13 වන සියවසේ දෙවන පැරකුම් රජ කාලයේ දේවපතිරාජ පරිවෙනාධිපති හිමියන් විසින් මෙය රචනා කරන ලදැයි සැලකේ. ඊට අනුව වියරණ විධි 20 ක් ස`දහන් වේ. “එබැවින් සං සද ලිගු විබත් සමස් පියවි පස කිරිය ලොප් දෙස් අගම් පෙරරූ දෙරූ පෙරැලි වැඩි අඩු නිපා නියම් අනියමන් අවිදුමන් විදි වී විසි වැදෑරුම් වියරණ විධි සපයා” මෙහි දැක්වෙන පරිදි පලමුවන වියරණ විධිය “සං” හෙවත් අක්ෂර වේ. “අක්ෂ” යනු සලකුණුයි. “ර” යනු හැඩවීමයි. ජීවයක් සහිත අකුරක් වීමට නම් ශබ්ද සංකේතය හැඩවිය යුතුය. අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සගරා හෝඩිය” යි. “පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ“ ඉහත පාඨයට අනුව ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්රා.ණාක්ෂර 10 ක් ද ගාත්රාික්ෂර 20 ක් ද සහිත වූ සිදත් හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. අ. ආ. ඉ. ඊ. උ. ඌ. එ. ඒ. ඔ. ඕ. ක ඛ ජ ට ඩ න ත ද ණ ප බ ම ය ර ල ව ස හ ල අං මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්යද ව්ය වහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය වේ. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්රාකථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්යංොජන් 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්ර4 සිංහල හෝඩිය) අක්ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්ෂර 04 මිශ්ර6 සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ. ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්යාැපන ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින් නූතන සිංහල අක්ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. මිශ්රස සිංහල හෝඩියේ සඤ්ඤක අක්ෂර 05 සහ ෆ අක්ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්යොඤ්ඤන 42 ක් අන්තර්ගත වේ.| අ | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | එ | ඒ | ඔ | ඕ | (අං) | |
| ක | කා | කැ | කෑ | කි | කී | කු | කූ | කෙ | කේ | කො | කෝ | ක් |
| ග | ගා | ගැ | ගෑ | ගි | ගී | ගු | ගූ | ගෙ | ගේ | ගො | ගෝ | ග් |
| ජ | ජා | ජැ | ජෑ | ජි | ජී | ජු | ජූ | ජෙ | ජේ | ජො | ජෝ | ජ් |
| ට | ටා | ටැ | ටෑ | ටි | ටී | ටු | ටූ | ටෙ | ටේ | ටො | ටෝ | ට් |
| ඩ | ඩා | ඩැ | ඩෑ | ඩි | ඩී | ඩු | ඩූ | ඩෙ | ඩේ | ඩො | ඩෝ | ඩ් |
| ණ | ණා | ණැ | ණෑ | ණි | ණී | ණු | ණූ | ණෙ | ණේ | ණො | ණෝ | ණ් |
| ත | තා | තැ | තෑ | ති | තී | තු | තූ | තෙ | තේ | තො | තෝ | ත් |
| ද | දා | දැ | දෑ | දි | දී | දු | දූ | දෙ | දේ | දො | දෝ | ද් |
| න | නා | නැ | නෑ | නි | නී | නු | නූ | නෙ | නේ | නො | නෝ | න් |
| ප | පා | පැ | පෑ | පි | පී | පු | පූ | පෙ | පේ | පො | පෝ | ප් |
| බ | බා | බැ | බෑ | බි | බී | බු | බූ | බෙ | බේ | බො | බෝ | බ් |
| ම | මා | මැ | මෑ | මි | මී | මු | මූ | මෙ | මේ | මො | මෝ | ම් |
| ය | යා | යැ | යෑ | යි | යී | යු | යූ | යෙ | යේ | යො | යෝ | ය් |
| ර | රා | රැ | රෑ | රි | රී | රු | රූ | රෙ | රේ | රො | රෝ | ර් |
| ල | ලා | ලැ | ලෑ | ලි | ලී | ලු | ලූ | ලෙ | ලේ | ලො | ලෝ | ල් |
| ව | වා | වැ | වෑ | වි | වී | වු | වූ | වෙ | වේ | වො | වෝ | ව් |
| ස | සා | සැ | සෑ | සි | සී | සු | සූ | සෙ | සේ | සො | සෝ | ස් |
| හ | හා | හැ | හෑ | හි | හී | හු | හූ | හෙ | හේ | හො | හෝ | හ් |
| ළ | ළා | ළැ | ළෑ | ළි | ළී | ළු | ළූ | ළෙ | ළේ | ළො | ළෝ |
සිංහල සංස්කෘතිය[සංස්කරණයlakshanomax1.blogspot.com]
සිංහල අලුත් අවුරුද්ද[සංස්කරණයlakshanomax1.blogspot.com]
සිංහල අලුත් අවුරුද්ද ලංකාව තුල පවත්වන්නා වු මහා සංස්කෘතික මංගල්‍යයකි. මෙය අප්‍රේල් මසයේ එනම් බක් මස, සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදා වීම සිදු වේ. එක් වසරක අවසානයත් සමඟම නව වසර උදා වීම සිදුවන නමුත් එය මධ්‍යම රාත්‍රිය මුල් කරගෙන නොව නක්ෂ්‍යස්ත්‍රකරුවන් විසින් ලබා දෙන සංක්‍රමණ වේලව අනුව සිදු වේ. මෙම කාල සීමව නොනගතය නමින් හැඳින්වෙන අතර එම කාලය තුලදී සියලු වැඩ අත්හැර ආගමික හා සම්ප්‍රදායික ක්‍රියකරකම් සඳහා මුල්තැන දීම සිදු වේ.අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය.අලුත් අවුරුදු ක්‍රීඩා ඒ අතර මුල්තැනක් ගනී.නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්[සංස්කරණයlakshanomax1.blogspot.com]
- අලුත් අවුරුදු උදාව
- නව සඳ බැලීම
- පරණ අවුරුද්දේ අවසන් ස්නානය
- කෑම පිසීම
- වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
- හිසෙහි තෙල් ගෑම
- රැකියාවට පිටත්වීම
- අවුරුදු උත්සවය පවත්වීමද
ගම්මඩුව ශාන්තිකර්මය[සංස්කරණයlakshanomax1.blogspot.com]
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත.සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයි.
සිංහල සමාජයේ කුල[සංස්කරණයlakshanomax1.blogspot.com]
මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණික ගෝත්‍ර වල ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්‍රමයෙන් සිංහල සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්. යූ. ද සිල්වා පවසයිනමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාකෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි.සිංහල කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.
මේ ආකාරයට කුල පදනම සිංහල සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය.
මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි
අතීතයේසිං හලයන් ගේ ඇදුම් භාවිතයද කුල ක්‍රමය මත ගොඩ නැගී තිබිණ 17 වන සියවසයේ දී ලංකාවට පැමින දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස සිට වසර 19 ක ඇවෑමෙන් නිදහස ලැබූ රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් රචිත ශ්‍රී ලංකාවේ එෙතිහාසික විස්තරය හෙවත් එදා හෙළදිව ග්‍රන්තයේ සදහන් වන ආකාරයට කුලීනයන් හා කුලහීනයන් භාවිත කළ ඇදුම් ආයිත්තම් වල පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි වංශවතුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇද ඇති අතර ස්ත්‍රීන් ද දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වසෙන සේ හැද එයම කරකවා ලපැත්ත වැසෙන සේ පටක් සේ කරේලා ගත්හ හීන කුලික ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් ඇද උඩුකය නග්නව තබාගත්හ(නොක්ස් රොබට් 1997එදා හෙළදිව)
මහනුවර යුගයේ කුල ක්‍රමය ගැන අදහස් දක්වූ රැල්ෆ පීරිස් විසින් රචිත සිංහල සමාජ සංවිධානය කෘතිය තුලද කුල ක්‍රමය පදකම් කරගෙන ඇදුම් ආයිත්තම් නිර්මාණය වූ අයුරු පහදයි මේ අනුව රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. එහෙත් ඔසරියේ ඉන වටා අදින රෙද්ද මූට්ටු නොකරන ලද්දක් විය යුතුය. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස් රැල්ෆ, 1964:189/193/197.සිංහල සමාජ සංවිධානය)
සිංහල විවාහය[සංස්කරණයlakshanomax1.blogspot.com]
මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කරගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි. එකී චර්යා පද්ධතිය විශ්වාසය හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි. වර්ගයාගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින් ම සංකීර්ණ සංස්ථාවකි.බොනිස්ලෝ මැලිනොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංගලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි.
පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.
- දීග විවාහ
- #බින්න විවාහ
දීග විවාහ[සංස්කරණයlakshanomax1.blogspot.com]
ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහය යි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී. නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි.ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තරයේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී.
"මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති."
බින්න විවාහ[සංස්කරණයlakshanomax1.blogspot.com]
පුරුෂයා ස්වකීය නිවසින් වෙන් ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහය යි. යුරෝපීයන් පැමිණීමට පෙර සිට ම බින්න විවාහ මෙරට සමස්ථ සමාජය පුරා ම ව්‍යාප්ත ව පැවති බවට සාක්ෂි හමු වේ. එසේ ම,බින්න විවාහයට පත් වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී.මේ බින්න පුරුෂයාට බිරිද ගේ අණ ලැබුන ඔනෑම මොහොතක විවාහය අතහැර යමට සූදානමින් සිටිය යුතුවිය රාත්‍රියක නම් ගිනි හුලත් වර්ෂාව ඇති අවස්තාවක නම් තල් අත්තත් අසනීපව සිටින අවස්තාවක නම් සැරයටියත් පමණක් ඔහුගේ සහයට තිබුණි වර්තමාන තත්වය තුල මෙම තත්වයන් නැත අද පවතිනුයේ චාරිත්‍රාණුකූල අගයට වඩා නෙතික අංශයට මූලිකත්වය දෙන විවාහයන්ය සම්ප්‍රදායික සරල සමාජය හා නූතන සංකීර්ණ සමාජයන්හි වෙහස පැහැදිලිවන නිදසුනකි විවාහයඑකගෙයි කෑම[සංස්කරණයlakshanomax1.blogspot.com]
සිංහල සටන් ක්‍රම[සංස්කරණයlakshanomax1.blogspot.com]
අංගම්පොර[සංස්කරණයlakshanomax1.blogspot.com]
අංගම්පොර ( ඉංග්‍රීසි: Angampora) සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයෝ, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටිකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳිති.මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර ඔවුන් පිරිසිදු සිංහල (ජනවර්ගය) බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගෙනුම අරඔන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙති. පුහුණුවීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ.
මූලාරම්භය[සංස්කරණයlakshanomax1.blogspot.com]
ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත.[උපහරණ ඇවැසිය] අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්විණි. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිණි. එනමුත් හෙළ සිංහලයෝ මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු වූහ.ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිල්පීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.
පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැඳින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැඳින්වුණි. මෙම නාමය අග්‍රගණ්‍ය වික්‍රමාන්විත රණශූරයෙකු හැඳින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස් තනතුරක් වෙයි.
මූලික අංග[සංස්කරණයlakshanomax1.blogspot.com]
අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම්) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ.- අංගම්
- ඉලංගම්
- මායා අංගම්
- මන්ත්‍ර ශාස්ත්‍රය
- රණ බෙර වාදනය
- නිල වෙදකම
- දේහ ධර්ම විද්‍යාව
- හේවා අංගම්
- ඉලංගක්කාරම්
ආයුධ[සංස්කරණයlakshanomax1.blogspot.com]
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි.අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ.
වර්තමාන තත්ත්වය[සංස්කරණයlakshanomax1.blogspot.com]
ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ.මෙවැනි බොහෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පොත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. සිංහලයන් ගේ ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී
සිංහල ඇදුම්[සංස්කරණයlakshanomax1.blogspot.com]
17 වන සියවසයේ රචිත එදා හෙළදිව ග්‍රන්තයට අනුව සිංහලයන් අදුම් භාවිතය කුලය පදනම් කරගෙන සිදුකල බව සදහන් වෙයි ඒ අනුව වංශවත් රදළයන් රන් රිදී මුතු මැණික් ඹබ්බවූ ආභරණ සහිත ගාම්භීර ලීලාවක් පෙනෙන සේ ඉතා අලංකාරව වස්ත්‍ර ඇදීය සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇන්දහ ස්ත්‍රීන්ද දණින් මදක් පහත් වන සේ කෙණ්ඩය අඩක් වසෙන සේ වස්ත්‍ර හැද එයම කරකවා ලපැත්ත වැසෙන සේ පටක් සේ කරේලා ගත්හ හීන කුලික ස්ත්‍රීන් දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබා ගත්හ.[15] දකුණු ඉන්දීය නායක්කර් වංශිකයන් පැමිනීමත් සමහ මෙරට වංශවත් ස්ත්‍රීන් සාරිය හා ඹසරිය හැදීමට හුරුවිය යටත් විජිත පාලනයත් සමග සිංහලය සංස්කෘතියට බටහිර ඇදුම් ආයිත්තම් විසරණය විය ඒ අනුව ගවුම සාය හැට්ටය කලිසම කමිසය බැනියම ආදිය බටහිරින් විසරණය වූහ වර්ථමානයේ සිංහලයන් ගේ පීලීගත් ජාතික අැදුම ලෙස ස්ත්‍රීන්ට ඹසරියත් පුරුෂයන්ට සුදු සරම හා අත් දිග කමිසයත් පිළිගත් ජාතික අදුම්ය.සිංහල ආහාර වර්ග[සංස්කරණයlakshanomax1.blogspot.com]
මූලික ලිපිය සිංහල බොජුන්කුළුබඩු[සංස්කරණයlakshanomax1.blogspot.com]
සිංහලයෝ ආහාර පිළියෙල කිරීමෙදි නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් ගම්මිරිස්, මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා දකුණු ඉන්දියානු ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.දකුණු ඉන්දියානු ආහාරවලට වඩා සිංහල ආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී. එලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී සිංහලයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නො මසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට සිංහලයන්ට හැකියාව තිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදා ගනිති.
රසකැවිලි[සංස්කරණයlakshanomax1.blogspot.com]
"කැවුම්" සිංහලයන් බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී. තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි.සිංහල වෛද්‍යවේදය[සංස්කරණය]
මූලික ලිපිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසිංහල අධ්‍යාපනය[සංස්කරණය]
සිංහල අධ්‍යාපන පන්සලේ හාමුදුරුවන් මුල් කරගෙන පිරිවෙන් අධ්‍යාපනය සිදු වුනාද ඉංගීසි පාලනයෙන් පසු පාසල් අධ්‍යාපන ක්රමය ඇති විය. නමුත් තවමත් දහම් පාසල් අධ්‍යාපනය පවතියි.
No comments:
Post a Comment